මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.
හිතවත් මිත්‍රවරුනි, ඔබ ජේසුස් වහන්සේට සැබවින්ම ප්‍රේම කරන්නේ නම්, මෙම පණිවිඩය ඔබගේ සියලු මිතුරන් හා ප්‍රේමවන්තයන් වෙත යොමු කරන ලෙස මම ඔබගෙන් දෙවියන් වහන්සේගේ දයාව නිසා ඉල්ලා සිටිමි.
මේ ලෝකයේ තිබෙන බලවත්ම විශාලම හාස්කම (ආශ්චර්යය) නම් ගැලවීමයි. එමනිසා මෙම පණිවිඩය සම්පූර්ණ හදවතින් කියවන ඕනෑම කෙනෙකුට මෙම හාස්කම ඔවුන්ගේ ජීවිතයේ සිදුවනු ඇත.
ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමියා සහ ගැලවුම්කරුවා ලෙස පිළිගෙන නොමැති නම්, මෙම යාච්ඤාව කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. මෙම අයැදුම ඔබ මුළු හදවතින්ම ප්‍රකාශ කරනේනම් ඔබේ ජීවිතය කවදාවත් අත් නොදැකපු පුදුම සැහැලුවක්, සුවයක්, නව ජීවයක් ඔබට ලැබෙනු ඇත.
"ප්‍රේමණීය ජේසු සමිඳුනි, ගැළවීම අවශ්‍යව මම ඔබ වෙත පැමිණෙමි. මම පව්කාරයෙක් බව පාපොච්චාරණය කරමි, මම ඔබෙන් සමාව අයදිමි. ඔබ මාගේ පව් උදෙසා කුරුසියේ මිය ගොස් තුන්වන දින නැවත නැඟිටුන බව මම විශ්වාස කරමි. මම ඔබව මගේ ස්වාමියා සහ ගැලවුම්කරුවා ලෙස පිළිගන්නා අතර, මගේ හදවතට පැමිණ මගේ ජීවිතය පාලනය කරන ලෙස මම ඔබට ආරාධනා කරමි. මම ඔබට මගේ හදවත සහ මගේ මුළු ජීවිතය ඔබට බාර කරමි. මගේ ජීවිතයේ සෑම දිනකම ඔබ පසුපස යාමට මට උපකාර කරන්න. ඔබගේ ආදරය, කරුණාව සහ දයාව වෙනුවෙන් ඔබට ස්තුතියි. මාව ගළවාගෙන මට සදාකාල ජීවනය ලබා දීම ගැන ඔබට ස්තූතියි. ජේසුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන්, මම යාච්ඤා කරමි, ආමෙන්.
කරුණාකර මෙම පණිවිඩය ඔබ ආදරය කරන අය සමඟ බෙදා ගන්න, සහ එක්ව, ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ජේසුස් වහන්සේගේ ප්‍රේමය පතුරවමු.
ඔබ විශ්වාස කරන්නේ නම් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමියා ලෙස පිළිගැනීමට කැමති නම් හෝ ඔබට කිසියම් යාච්ඤා ඉල්ලීමක් ඇත්නම්, +971 52 296 6569 ට ඔබගේ ඉල්ලීම එවැන්ජලිස්ට් මයුර ප්‍රනාන්දු වෙත WhatsApp කරන්න.

Comments
Post a Comment