PLEASE READ AND SHARE !
මම පූජකයෙක් නොව දෙවියන් වහන්සේගේ මිදී වත්තේ (පොළොවේ) වැඩකරයෙක්මි , දෙවියන් වහන්සේගේ සේවකයෙකි. උපතින්ම මAගේ පියා බෞද්ධ සහ මව කතෝලික වූ අතර. (අද වෙන විට පියා සහ මවත් ඇදහිල්ලේ පවුලේ සාමාජිකයන්ය) නුමුත් මම අද ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ ඇදහිල්ලේ පවුලට අයිතු වූ (born-again කියා නොගන්නාවූ ) ජේසුස්ගේ වහන්ගේ ගිය අඩි පාරේ යමින් සියලු මනුෂයන්ට දේව වචනය උගන්වමින් ඒ තුළ ජීවත්වෙන්නාවූ ගෝලයකු වේ.
ජේසුස් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක් නොව. මුළු විශ්වය මවා පාලනය කරන ජීවමාන දේවියන් වහන්සේගේ ඒකජාතක පුත්රයාය. උන්වහන්සේ ආවේ කිසිවෙකුට ආගමකට / ආගමික නායකයෙකුට කළ නොහැකි පාපයේ කුළිය තමන්ගේ ලේ වලින් ගෙවීමටය පාපයේ කුළිය ගෙවා මිනිසුන්ට සදාකාලීක ජීවනය ලබා දීමටය. වෙන කිසිම දෙයක් /ආගමක් මෙම කුලිය ගෙවීමට සමත් උනේ නැහැ මන්ද මේය ගෙවිය යුත්තේ ශුද්දවූ ලේ වලින් නිසා. තවමත් සමහර මිනිසුන් සතුන්ගේ ලේ පාවිච්චි කරන්නේ ඒ නිසා නොදැන.
ශුද්දවූ බයිබලයේ පවසන්නේ
ශුද්ධවර ජොහන් 3 : 16
“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්රයා (වූ ජේසුස් වහන්සේ ) දෙන තරම් ලෝකයට ප්රේම කල සේක සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
පාපයෙන් තොර කිසිවෙක් නැත, ජේසුස් වහන්සේ හැර මේ ලෝකය තුල කිසිම පුජකයෙක් ආගමික නායකයෙක් පාපයෙන් තොර ජීවිතයක් ගත කලේ හෝ කරන්න යන්නේ නැත. මක්නිසාද සියලු මිනිසා උපත ලබන්නේ ලේ වල පාපය ඇතිව නිසාය. ජේසුස් වහන්සේ හැර සියලු ආගමික නායකන් ජීවිතයෙන් සමුගත්තේ ඔවුන්ගේ රෝගයෙන් හෝ ඔවුන්ගේ පුද්ගලික හේතුවකට. තේරුම් ගැනීම ඔබ සතුය.
නුමුත් ජේසුස් වහන්සේ මැරුණේ ඔබ හා මා උදෙසාය. උන්වන්සේ කිසිම වරදක් නොකර කුරුසියේ මැරුණේ අපේ පාප නිසාය.
මුළු සිතින් අවංකව විමසා බලන්න. එම නිසා හැමටම ජේසුස් වහන්සේ ඕනේ පාපයේ සමාව ගැනීමට හා මරණයෙන් පසු සුවර්ගයට යාමට. ස්වර්ගය දෙවියන් වහන්සේ මැවුවේ මිනිසාට. නිරය හැදුවේ අකීකරු වූ දේව දුතයන්ටය. එම නිසා ඔබ නිරයට යාම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. කිසිවෙකුට ඔබව මුළා කරන්න ඉඩ නොදෙන්න.
කවුරුහරි දෙවිකෙනෙක් ඔබෙන් සල්ලි ඉල්ලනවද? ඉල්ලා තිබේද? දෙවියන්ට සල්ලි මොකටද?
මාගේ ආත්මික පියවරු උගන්වා ඇති ආකාරයට අපිට දෙවියන් වහන්සේ නොමිළේ දෙන්නාවූ දේවල් අපි මිනිසුන්ට නොමිළේ දිය යුතුය. දෙවියන් වහන්සේට මගේ මුදල් ඔබගේ සල්ලි අවශ්ය නැත.
ජේසුස් වහන්සේ මිනිසාට දුන් සියලු දේවල් දුන්නේ (ගැළවීම, රෝගයට සුවය, මිදීම, ජීවනය, නිදහස සියලු දේ ) දුන්නේ සහ සියලු දේවල් අදටත් දෙන්නේ නොමිළේ / ෆ්රී , FREE ..............!
ඔබ යම් කෙනෙකුට මුදල් දෙන්නේද? ආගමකට, පන්සලකට, පල්ලියකට? පුජකයෙක්ට, පුසාරියෙකුට, දේව දාසයෙකුට, කපුවෙකුට, පෙන කියනෙකුට කවරකුට හෝ දෙන්නේද එය ඔබ දෙන්නේ පොළවේ එම ගොඩනැගිල්ල සහ පුජකයන්ගේ නඩත්තුව / ජීවිකාව සදහාය.
ඉහත සදහන් අය ඔබට වැඩිපුර මුදල් හෝ යම් මොනයම් දෙයක් ඇද්ද එම සියලු දේ දිළිදුන්ට, අසරණ අයට, වැන්දබුවන්ට, දෙමාපියන් නැති දරුවන්ට දෙන්න අමතක කරන්න එපා.
දෙන්නාවූ සියළු දෙන දිය යුතු ආකාරය. දෙන වෙලාවේ වම් අත කරන දෙය දකුණත දැන නොගනීව. තව අයට පෙනෙන්න ෆොටෝ ගහගෙන දෙන්න එපා?
සත්ය ඔබ දැනගන්න සත්ය ඔබව නිදහස් කරයි !!!!!!
Comments
Post a Comment