ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා
ෂාලෝම් දෙවියන් වහන්සේගේ සමාදානය ඔබ සමග වේවා!
ජොහන් 15:10
ජෙසුස් වහන්සේ පැවසුවේ "මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය."
අද අපි හැමෝටම සැබවින්ම ප්‍රේම කලාවූ තමන්ගේ ජීවිතය කුරීරු කුරුසිය මත දුක්විදිමින් අන්තිම ලේ බිංදුව දක්වා වගුරමින්, මැරුණේ අපේ පව් නිසාය. අද මුළු ලෝකයාට සැබවින් ප්‍රේම කලේ ජේසුස් වහන්සේ පමණි.
ඔබ සැබවින්ම උන්වහන්සේට ප්‍රේම කරනවානම් උන්වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කරන්නට යනවා.
පිලිප්පි 2 : 5
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා
අද මෙම පණිවිඩය කියවන්නාවූ මම ලොව එකම සැබෑ වූ යහපත් එඩේරාගේ හඩ අසන්නාවූ බැටළුවෙකු බැවින්, උන්වහන්සේ මට කළ දේවල්, ඉගැන්නුවාවූ දේ මට මුණගැසෙන හැමෝටම මම ප්‍රකාශ කරන්න යනවා. උන්වහන්සේ කියපු දේවල් මම කරන්න යනවා උන්වහන්සේට ගෞරවය පිණිස. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමෙන් !!!
වැඩිදුර දැනගැනීමට හෝ ඔබට කිසියම් යාච්ඤා ඉල්ලීමක් ඇත්නම්, +971 52 296 6569 ට ඔබගේ ඉල්ලීම එවැන්ජලිස්ට් මයුර ප්‍රනාන්දු වෙත WhatsApp කරන්න.
මෙය ඔබගේ මිතුරන් සමග බෙදා ගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි!

Comments
Post a Comment